මහවිරු සැමරුමට ගිය තරුණයෙක් මාට්ටු

මහවිරු සැමරුමට ගිය තරුණයෙක් මාට්ටු

November 26, 2014   12:56 pm

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මියගිය සාමාජිකයින් සැමරීම සඳහා මහවිරු දින සැමරුමක් සංවිධානය කළ පුද්ගලයෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා මීසාලෙයි ප්‍රදේශයේ දී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවටගෙන ඇත.

24 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රාජ්‍ය විරෝධී පොස්ටර් කිහිපයක්ද සොයාගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.