රුසියාව ලංකාවේ මාළු වලට වටිනාකමක් දෙයි

රුසියාව ලංකාවේ මාළු වලට වටිනාකමක් දෙයි

November 26, 2014   12:11 pm

මෙරටින් මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට රුසියාව එකඟතාව පළකර තිබේ.

ඒ සඳහා රුසියානු කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පවතින පශු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

මේ යටතේ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සිදුකරන සමාගම් 14ට තම මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති බව සඳහන්ය.

රුසියාව සමග ඇති කරගත් එකඟතාව මගින් බෙලරුස් සහ කසකස්ථානයට ද මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට එම සමාගම් වලට අවස්ථාව සැලසෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

විදේශීය මත්ස්‍ය වර්ග සහ මුහුදු ආහාර සඳහා රුසියාවේ අධික ඉල්ලුමක් පවතින බව සඳහන්ය.

ශීතකළ මසුන්, කැබලි කළ මසුන්, කරවල සහ තවත් මත්ස්‍ය නිෂ්පාදන රැසක් මේ යටතේ රුසියාවට අපනයනය කිරීමට නියමිතය.