මුහුදු සිංහයින්ට වස දුන්නාද?
සයුරෙන් එතෙර

මුහුදු සිංහයින්ට වස දුන්නාද?

November 24, 2014   11:13 am

පේරු රාජ්‍යයේ උතුරු මුහුදු වෙරළ තීරයට මුහුදු සිංහයින් 500කගේ පමණ මළ සිරුරු ගොඩ ගසා තිබේ.

ඇන්කාෂ් ප්‍රාන්තයේ ඇන්කොන්සිලෝ වෙරළට මෙම මළ සිරුරු ගොඩ ගසා ඇත.

ආහාර සොයා වෙරළ තීරයට පැමිණෙන මුහුදු සත්ත්වයින්ට ධිවරයින් විසින් විෂ සහිත ආහාර ලබාදීමෙන් මෙම තත්ත්වය සිදුව ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් එම සත්ත්වයින් මියයාම සම්බන්ධයෙන් පේරු හි පොලිස් පරිසර ඒකකයක පරික්ෂණ ආරම්භ කර ඇත.

හදිසි රෝගි තත්ත්වයක් නිසා හෝ වෙනත් හේතුවක් මත එම සත්ත්වයින් මියයන්නට ඇත්දැයි අදාළ පරීක්ෂණ සිදුකරන බව සඳහන්ය.