කාලගුණය අයහපත් -  වාන් දොරටු කිහිපයක් විවෘතවෙයි

කාලගුණය අයහපත් - වාන් දොරටු කිහිපයක් විවෘතවෙයි

November 22, 2014   01:29 pm

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක් වාන් දැමීම ආරම්භකර තිබේ.

මේ හේතුවෙන් රාජාංගණය සහ අංගමුව යන ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

තිසා වැව, මහවිලච්චිය සහ තුරුවිල යන වැව් ද මේ වන විට වාන් දැමීමට පටන් ගෙන තිබේ

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 30 න් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා අංගමුව වැවේ හදිසිවාන් දොරටුව අඩියක් විවෘත කර ඇති බව වාර්තා වෙයි.

එම වැව් වල වැඩි ජලය කලා ඔයට මුදා හැරිමට ද පියවර ගෙන තිබේ.

එමෙන්ම නාච්චාදූව , නුවර වැව , හුරුළු වැව, මහකනදරාව සහ පදවිය යන ජලාශ වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.