පොදු අපේක්ෂක මෛත්‍රී - අගමැති රනිල්

පොදු අපේක්ෂක මෛත්‍රී - අගමැති රනිල්

November 21, 2014   03:11 pm

2015 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කර ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එසේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකවරයා ලෙස පත් කිරීමට ද යෝජනා කෙරුණු බව ඒ මහතා කියයි.

කෙසේ වුවද ඉහත සියලු තීන්දු අද පස්වරු 4.00ට රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.