ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් වැඩ බාරගනී

ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් වැඩ බාරගනී

October 24, 2014   12:58 pm

මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අද (24) වැඩ බාරගෙන තිබේ.

ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් වන අතර එම තනතුරට හිටපු පොලිස්පතිවරයෙකු වූ ආචාර්ය මහින්ද බාලසුරිය මහතා පත් කරන ලදී.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්ධුරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ජයවික්‍රම මහතාය.