නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරයි

නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරයි

October 23, 2014   06:12 pm

නව නීතිපති ලෙස යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

හෙතෙම ශ්‍රී ලංකාවේ 28 වැනි නීතිපතිවරයාය.

1979 වසරේ නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ විජයතිලක මහතා 1980 වසරේදී රජයේ අධිනීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇත.

එහි වසර 34 ක සිය සේවා කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයෙකු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු හා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වශයෙන්ද විජයතිලක මහතා කටයුතු කර තිබේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන එස්.ආර් විජයතිලක මහතාගේ පුත්‍රයෙකි.

හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පසුගියදා විශ්‍රාම ගනු ලැබීය.