කැනඩා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වෙඩි හුවමාරුවක්
සයුරෙන් එතෙර

කැනඩා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වෙඩි හුවමාරුවක්

October 23, 2014   08:52 am

කැනේඩියානු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනේඩියානු අගනුවර වන ඔටාවා හි යුද ස්මාරකය අසළ සිටි සොල්දාදුවෙකුට තුවක්කුකරුවෙකු වෙඩිතබා පාර්ලිමෙන්තු ගොඩනැගිල්ල වෙත දිවගොස් ඇති බවයි.

එහිදී ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් තුවක්කුකරු මියගොස් ඇත.

කැනඩාවේ ත්‍රස්ත අවදානම් මට්ටම ඉහළ දමා පැය කිහිපයකින් පසුව මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

පසුගිය සඳුදා දිනයේ ද කැනඩාවේදී සොල්දාදුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.