නාවිකා හමුදාපතිගේ සංචාරයට දකුණු ඉන්දියාවේ අප්‍රසාදය

නාවිකා හමුදාපතිගේ සංචාරයට දකුණු ඉන්දියාවේ අප්‍රසාදය

October 22, 2014   05:24 pm

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඉන්දීයාවට පැමිණීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බව දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත නායකයින් පවසයි.

නිල සංචාරයක් සඳහා වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හෙට දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චීනයෙන් සිදුවන හදිසි ආක්‍රමණ වැළැක්වීම සඳහා මෙරට සමඟ ආරක්ෂක සබඳතා තරකර ගැනීමට අදාළ සාකච්ඡාවන් වලදී ඉන්දීය රජයේ අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මෙරට නාවුක හමුදාපතිවරයාගේ පැමිණීම ඉන්දීය දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් නොසලකා හැරීමක් බව තමිල්නාඩු ප්‍රාන්ත නායකයින් පෙන්වාදෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට නාවික හමුදාපතිවරයා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන් වලදී දමිළ ප්‍රජාව පිළිබඳ අවධානය යොමු නොවනු ඇති බවයි.

කෙසේ වෙතත් අද දෙරණ මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ නාවික හමුදාපතිවරයාගේ ඉන්දීය සංචාරය යොදාගත් දිනට නියමිත පරිදි සිදුවන බවයි.

එම සංචාරය දින 6ක සංචාරයක් බවද ඒ මහතා කියා සිටියේය.