අරවින්දගේ ගෙට හොරු පනිති

අරවින්දගේ ගෙට හොරු පනිති

October 22, 2014   09:12 am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වූ අරවින්ද සිල්වාගේ නිවසට හොරෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 51ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අරවින්ද සිල්වා මහතා සිය බිරිඳ සමග විදේශගතව සිට කොල්ලුපිටිය, පේදිරිස් පාරේ පිහිටි නිවසට නැවත පැමිණි අවස්ථාවේ සේප්පුවේ තිබූ විදෙස් මුදල් තොගය අතුරුදන්ව ඇති බවට ඔහු පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය ගැන කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.