හෙට නැගෙනහිර  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ නෑ

හෙට නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ නෑ

October 19, 2014   10:45 pm

නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

හෙට(20) පෙරවරුවේ සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවසුවේය.

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අසාධාරණ අයුරින් ස්ථාන මාරුවීමක් ලබාදීමට විරෝධය පළ කිරිම මෙහි අරමුණ බව වාර්තාවෙයි.

ඒ අනුව හෙට දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරී කටයුතු වලින් ඉවත් වී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර තිබේ.

ස්ථාන මාරුව අවලංගු කරන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව සෙනරත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.