වීඩියෝ: එල්.ටී.ටී.ඊය දිනුවා - ලංකාණ්ඩුව සීතල යුද්ධය පරාජයට පත්වීමක් තමයි මේ දකින්න තියෙන්නේ

වීඩියෝ: එල්.ටී.ටී.ඊය දිනුවා - ලංකාණ්ඩුව සීතල යුද්ධය පරාජයට පත්වීමක් තමයි මේ දකින්න තියෙන්නේ

October 17, 2014   06:06 pm

යුරෝප සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම එම සංවිධානය විසින් ඉවත් කර ගැනීම වූ කලී ජාත්‍යන්තර වශයෙන් අපිට විරුද්ධව තිබෙන සීතල යුද්ධය ඉස්සරහට යාමක් බවත්, ලංකාණ්ඩුව එම සීතල යුද්ධය පරාජයවීම පෙන්නුම් කිරීමක් බවත්, ප්‍රවීන දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වාදෙයි.

යුරෝපා අධිකරණයේ මෙවැනි විශාල නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ශ්‍රී ලංකා බලධාරීන් එක්කෝ දැන හෝ නොදැන හෝ සිටීමෙන් හ්‍රී ලංකාවට සිදුව ඇති ඵල විපාකයේ තරමේ විශාල බව ඔහුගේ අදහසයි.

යු‍රෝපා සංගමය විසින් ඊයේ (16) එල්.ටී.ටී.ඊයට එරෙහි තහනම ඉවත් කිරීම ගැන අද දෙරණ සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

දයාන් ජයතිලක මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.



ප්‍රශ්නය - එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනම යුරෝපා සංගමය විසින් ඉවත් කිරීම මොනවගේ තත්ත්වයක්ද?



දැන් ඒ ගොල්ලෝ දෙන හේතූන් තියෙනවා සහ වඩාත් ගැඹුරු හේතූන් තියෙනවා

දැන් යුරෝපා අධිකරණයෙන් දෙන හේතුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් හැටියට සලකනු ලැබීමට ඉදිරිපත් කරපු සාක්ෂි ඉන්ටර්නෙට් එකෙන් ගත්තු ඒවා. ඒ කියන්නේ ගැඹුරු පිරිසිදු සාක්ෂි ඉදිරිපත් කරලා නැහැයි කියලා. ඒක තමයි අධිකරණය කියලා තියෙන්නේ.

නමුත් හැබෑ හේතුන් ඔයිට වඩා තියෙනවා. දැන් ලංකාවෙන් එන ධීවර නිෂ්පාදනවලට තහංචි දැමීමට යම් කිසි රතු එළියක් යම් කිසි සංඥාවක් දීලා තියෙනවා යුරෝපා කොමිසම.

සුමානයක් ගිහිල්ලා යුරෝපා අධිකරණය තීන්දු කරනවා එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරත් තහනම් සංවිධානයක් නොවෙයි කියලා. ඉතින් ඇත්තවශයෙන්ම මේවා පසමිතුරු පියවර.

ඒකෙන් බටහිර යුරෝපා රටවල යම් කිසි දෙබිඩි ප්‍රතිපත්තියක්, කුහකකමක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අපිට දකින්න ලැබෙනවා. ඒ ගොල්ලෝ අයි.එස් සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ගැන කෑ කෝ ගහද්දී බෝම්බ දමද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් දැන් මුදවලා තියෙන්නේ.

නමුත් මේ සියල්ලත්ම එක්කම අපි දකින්න ඕන තව දෙයක්. මේ ලංකාවේ ජාත්‍යන්තර පරිසරය බටහිර පෙරමුණේ මෙන්ම එක්තරා දුරකට අපේ අසල්වැසි පෙරමුණෙත් යම්කිසි පරිහාණියකට පත්වෙලා තියෙනවා කියන එක.

දැන් ලංකාණ්ඩුව දැනගන්න තිබුණා. මේ යුරෝපා අධිකරණයේ මේ නඩුව අහනවා කියලා. එක්කෝ දැනගෙන නැහැ. එහෙම නැතිනම් ඒකට අවශ්‍ය දේවල් කරලා නෑ.

දැන් එල්.ටී.ටී.ඊ සංවිධානය මෙතනදී නීතිඥයෝ ඉදිරිපත් කරලා විශාල ජයග්‍රහණයක් ලැබුවා. ලංකාණ්ඩුව විශාල සල්ලි ප්‍රමාණයක් වියදම් කරලා කරන අපේම මේ ජාත්‍යන්තර කටයුතු පරාජයට පත්වුණා.

දැන් ජීනීවා හි තුන් පාරක් පැරදුණා. දැන් යුරෝපා අධිකරණයට පරාජය වෙලා තියෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය අතින්. ඒ අතින් ගත්තාම එල්.ටී.ටී.ඊ සංවිධානය ලංකාණ්ඩුව පරද්දලා තියෙනවා.

දැන් ටැමිල්නෙට් එක කියවන ඕන එක්කෙනෙක් වුණත් දැන ගන්න තිබුණා මේ වගේ විශාල නඩුවක් තීන්දු කරන්න යන්නේ කියලා. දැන් ඒකට අවශ්‍ය සාක්ෂි ඇත්තටම ඉන්‍ටර්නෙට් එකෙන් ගත්තු සාක්ෂි නම් තිබුණේ ඒක 2005ට ඒක ගැලපෙනවා.

නමුත් අද වෙනකුට ලංකාණ්ඩුවට තිබුණා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සහ ජාත්‍යන්තර උපදේශකයෝ හරහා ඒ ඒ යුරෝපා රටවල ඒ රාජ්‍යන්ගේ අධිකරණ අමාත්‍යංශවලට සහ විදේශ කටයුතු අමාත්‍යංශවලට, ආරක්ෂක අමාත්‍යංශවලට අවශ්‍ය සාක්ෂි එල්.ටී.ටී.ඊ එක ගැන ගොණු කරලා, යුද්ධෙන් පස්සේ කොච්චර සාක්ෂි එක්කහු වෙලා තියෙනවාද? ඒ සාක්ෂි ගොණු කරලා දෙන්න තිබුණා. ඒ හැම රටකටම. මේ ය‍ුරෝපා අධිකරණය හමුවේ ගිහිල්ලා මෙන්න මේ සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.

ඉතින් එහෙම කරලා නෑ. එක්කෝ එහෙම කරලා තියෙනවා නමුත් යුරෝපා රටවල් බාර‍ අරගෙන නෑ. ඒක වෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ නෑ. ඒක ‍එහෙමයි කියලා.

එහෙම නම් ඒ කියන්නේ යුරෝපා රටවල් එක්ක තියෙන සම්බන්ධ‍යේ විශාල පළුද්දක් සිද්ධ වෙලා තියෙනවා. නැතිනම් එහෙම දෙයක් කරලා නෑ. ඒ කියන්නේ විශාල අතපසුවීමක්. දැන් මේකෙන් පෙන්නේ ජාත්‍යන්තර වශයෙන් අපිට විරුද්ධව සීතල යුද්ධය ඉස්සරහට යන බවත් ලංකාණ්ඩුව ඒ සීතල යුද්ධයෙන් පරදින බවත්.



ප්‍රශ්නය - යුරෝපා සංවිධානය තමයි 2005 එල්.ටී.ටී.ඊය තහනම් කළේ. දැන් ඇයි ඒ තහනම ඉවත් කළේ?



දැන් එදා එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කළේ යුරෝපා සංගමය ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිතුමාව එල්.ටී.ටී.ඊය විසින් ඝාතනය කළාට පස්සේ එතුමා ගැන තියෙන ගෞරවය ආදරය නිසා සහ එතුමාගේ වැන්දඹුව කදිරගාමර් මහත්මිය ඒ ඒ රට රටවලට ගිහින් කතා කරපු නිසා සහ එවකට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් තුමා වන එච්.එම්.ජී.එස් පලිහක්කාර මහත්මයාගේ තියෙන දක්ෂතාවය නිසා ඔය කෙරිච්චි තහනමක්.

ඉතින් ඇත්ත වශයෙන්ම යුද්ධය ආරම්භ වූණ කාලයේ එල්.ටී.ටී.ඊය සංවිධානය තහනම් කරලා තිබුණා. යුරෝපා සංගමය. නමුත් සමහරු ඒකට විරුද්ධ වුණා.

දැන් යුද්ධයෙන් පසු කාලීනව ඒ තහනම දැන් අවුරුදු 5ක් ගිහිල්ලා හකුළන්න හේතුව ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය රටේ සිද්ධ වන දේවල් නිසා ආණ්ඩුව විසින් සහ ආණ්ඩුවේ නොවන නමුත් ආණ්ඩුවේ අනුග්‍රහය ලබනවයි කියන සමහරු විශ්වාස කරන අන්තවාදී ආගම්වාදී බලවේගවල කටයුතු නිසා අලුත්ගම වගේ සිද්ධීන් නිසා, රතුපස්වල වගේ සිද්ධීන් නිසා ලංකාවේ ප්‍රතිරූපය කිළුටු වීම, කැතවීම, විකෘත කිරීම, විහින් වෙච්චි දෙයක්, විහින්ම කරගත්තු දෙයක්.

ඒ නිසා දැන් එල්.ටී.ටී.ඊ පැරදිච්චි එල්.ටී.ටී.ඊ සංවිධානය සහ දැනට තියෙන ලක් රජය අතර තියෙන පරතරය දැන් ජාත්‍යන්තරය ඉදිරිපිට ඒ පරතරය දැන් අඩුවීගෙන යනවා.

ඉතින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හිස මත තැබූ අර මහ ගල මේ ගොල්ලෝ දැන් ගලවලා තියෙනවා.

දැන් මතයක් ඇතිවෙලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් මෙහෙම නම් ආගමික සුළුතරයන්ට සලක්නේ, මෙහෙම නම් තදකරන්නේ උතුරේ ගමනා ගමනය, මේ විදියේ පාලන ක්‍රමයක් නම් ගෙනියන්නේ, එහෙම නම් සමහරවිට ඒ දෙමළ ඩයස්පෝරාව කියන දේත් යම් කිසි ඇත්තක් ඇති කියලා සදාචාරාත්මක වශයෙන් ඉතාමත් නරක තත්ත්වයක් ඇති වුණොත් ශේෂ ගත වූ ත්‍රස්තවාදි සංවිධානයක් හා බලයේ සිටි ආණ්ඩුවක් හා රටක් එකම තරාදියේ දෙපැත්තට දාලා දැන් එල්.ටී.ටී.ඊ සංවිධානයට වඩා ලිහිල් බැල්මක් හෙළන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

ඉතින් මේක ඉතාම නරක තත්ත්වයක් මේ ‍විදියට ගියොත් කවදා හරි එල්.ටී.ටී.ඊ සංවිධානය එහෙම නැතිනම් එල්.ටී.ටී.ඊ නොවන දමිළ බෙදුම්වාදී ඊළාම්වාදී ව්‍යාපෘතියට ආපහු හිස එසවීමට අවශ්‍ය ජාත්‍යන්තර නීත්‍යානූකූල තත්ත්වය සහ ජාත්‍යන්තර ජන මතය සියල්ල නිර්මාණය වෙනවා..



ප්‍රශ්නය - මේ තීන්දුව මගින් ලංකාවට මොන වගේ බලපෑමක් වෙයිද?



ඇත්ත වශයෙන්ම මේ අඩිය ගලවලානේ තියෙන්නේ. දැන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය නිමාවට පත්වෙනකුට ලබන මාර්තුවල තව මාස 6යි තියෙන්නේ. එක පැත්තකින් ලංකාණ්ඩුව සහ හමුදාව හා ලක් රජයට විරුද්ධව ජාත්‍යන්තර නීත්‍යානූකූල දැලක් එලන්න පුළුවන්. ආර්ථිකව යම් යම් තහංචි ඇතිවෙන්න පුළුවන්. ඒ රටවල පාර්ලිමේන්තු සහ උසාවි අපිට විරුද්ධව යම් යම් තීන්දු ගන්න පුළුවන්.

ඒ අතරවාර‍ෙය් එල්.ටී.ටී.ඊ සංවිධානය මත දමලා තියෙන ඒ තහංචි මේ සුමානේ ගැලවුණා වගේ ගැලවෙන්න පුළුවන්. එතකුට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ උණුසුම් යුද්ධය අපි ජයග්‍රහණය කරලා සීතල යුද්ධය පැරදුණා වෙනවා.

ඒකෙන් වෙනම රාජ්‍යයක් ඇතිවීමට එක වෙඩිල්ලක්වත් පත්තු නොකර එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වෙඩිල්ලක් පත්තු නොකර වෙනම රාජ්‍යයක් බිහිවීමට අවශ්‍ය ජාත්‍යන්තර වාතාවරණය හා ලංකාණ්ඩුවේ අදූරදර්ශීකම හන්දා කලාපීය වාතාවරණය පවා තමිල්නාඩුව, නවදිල්ලිය වගේ ඒ කලාපීය වාතාවරණය පවා වෙනස් වෙන්න පුළුවන්.

යුද්ධයේ ලැබූ ජයග්‍රහණය නොපිට පෙරළෙන්න පුළුවන්. තව වසර කිහිපයක් ගියාම. අපි දකිනවා ලෝකය පුරා බලනකුට නොයෙකුත් ජාතික සුළුතරයන් එක්තැන් වෙලා ඉන්න පළාත්වල බාහිර බලවතුන්ගේ සහයෝගය සහිතව අලුත් රාජ්‍යයන් හැටියට මතුවෙනවා.

ඒක යුක්රේනයෙත් අපි දකිනවා. දැන් කුර්දිස්තානයෙත් දකිනවා. ඒ වගේ දෙයක් ඇත්ත වශයෙන්ම ලංකාව‍ට සිද්ධ වෙන්න පුළුවන්. ඒක පරද්දන්න මේ උණ්ඩවලින් බැහැ. මේක බුද්ධිමය යුද්ධයක්. දැන් එල්.ටී.ටී.ඊ සංවිධානය ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබලා තියෙනවා ජාත්‍යන්තර උසාවියේදී. ඒ යුද්ධයේදී දැන් ලංකාණ්ඩුව පරාජය වෙමින් පවතින්නේ.



ප්‍රශ්නය - ඔබතුමා හිතනවා ද ලංකාව දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමට මේ වගේ තීන්දුවක් ගත්තා කියලා?



ඇත්ත වශයෙන්ම ලංකාවට යම් කිසි රිදවීමක් කරන්න කරපු දෙයක් මේක. නමුත් ඒ රිද්දවන්න පුළුවන් වන්නේ ලංකාව හා යුරෝපා සංගමය අතර තියෙන සම්බන්ධකම හරියට පශ්චාත් යුද්ධ සමයේ කලමණාකරණය කරපු නැති හින්දා.

යුද්ධ කාලේ එල්.ටී.ටී.ඊය තහනම් කරපු යුරෝපා සංගමය සාමය කාලයේ තහනම ඉවත් කරන්න ලංකාණ්ඩුව විසින් නොකරපු යම් කිසි දෙයක් තියෙනවානේ. ඇත්ත වශයෙන්ම කරන්න තිබුණේ යුද්ධ කාලයට වඩා සාමය කාලයේදී ඊට වඩා හුඟක් වෙනස් විදියට හැසිරෙන්නයි තිබුණේ.

දැන් මියන්මාරයේ බුරුමයේ එහෙම නේ කළේ. ස්වංයමය වශයෙන් ලිහිල් වෙන්න තිබුණා

නමුත් ලංකාවේ බලධාරීන් විසින් කරලා තියෙන්නේ සමහර විට යුද්ධය කාලයේ නොතිබුණු තද ගතියක් සාමය කාලයේ දක්වලා තියෙනවා අනවශ්‍ය ආකාරයට යම් යම් දේවල් සම්බන්ධයෙන්.

මේ උතුරට විදේශිකයින් යාමට ලිඛිතව අවශ්‍යයි කියලා ආරක්ෂක අමාත්‍යංශයේ වගේ දේවල් කරනකුට අරගොල්ල අරහෙන් තර්ක කරනවා. ඉතින් යමක් මෙහෙදි කරනකුට දැනගන්න ඒක දැන ගන්න දේශිය වශයෙන් කරන දෙයක් විතරක් නොවෙයි කියලා. ඒක ක්ෂණිකව ජාත්‍යන්තර වශයෙන් පරාවර්ථනය වෙනවා කියලා.

මේ සියලු දේවල් ප්‍රඥාගෝචරව හිතලා ලංකාණ්ඩුවේ ජාත්‍යන්තර කටයුතු බාර පුද්ගලයෝ සහ ජාත්‍යන්තර කටයුතු පිටිපස්සේ ඉඳන් මෙහෙවන පුද්ගලයෝ මෙහෙම ප්‍රඥාගෝචරව හිතලා නෑ