ගෑස් බහිද්දී සිගරට් මිල වැඩිවෙයි

ගෑස් බහිද්දී සිගරට් මිල වැඩිවෙයි

October 10, 2014   12:19 pm

දුම්වැටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනූව එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 2කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දුම්කොළ සමාගම කියයි.

මේ සමග රුපියල් 28ක් වූ දුම්වැටියක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.

මේ අතර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කිරීමට ජනාධිපතිවරයා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.