මැතිව්ස් ජනප්‍රිය තරුව වෙයිද?

මැතිව්ස් ජනප්‍රිය තරුව වෙයිද?

October 9, 2014   01:07 pm

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයාට හිමි සම්මානය සඳහා මෙවර නිර්දේශිත නාම අතරට ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නමද එක්ව තිබේ.

එම සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්, ඉන්දියාවේ බුවනේෂ්කුමාර් නිර්දේශ වී සිටින අනෙක් ක්‍රීඩකයින් තිදෙනාය.

එසේම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චාලට් එඩ්වඩ් ද එම සම්මානයට නිර්දේශ වී සිටින එකම ක‍්‍රීඩිකාව වේ.

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා තේරීම් අයි.සී.සී වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රීය ලබන මස 5දා ඩුබායි හි පැවැත්වීමට නියමිතය.

එම සම්මානය පිට පිටම දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර වන අතර ඒ 2011 හා 2012 වසරවලදීය.

මීට අමතරව සචීන් ටෙන්ඩුල්කාර් 2010දීත් මහේන්ද්‍ර සිං දෝනි 2013දීත් මෙම සම්මානය හිමිකර ගන්නා ලදී.