දත් පුරවන්න තාත්තාත් එක්ක ආ ගමන නැවතුණ හැටි

දත් පුරවන්න තාත්තාත් එක්ක ආ ගමන නැවතුණ හැටි

October 2, 2014   09:06 am

වැලිමඩ නගරාසන්නයේ අද උදෑසන සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 14ක පමණ ළමයෙකු මියගිය බව පොලීසිය කියයි.

සිය පියා සමග දත් පිරවීමට පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි යතුරු පැදිය පාරේ එකවරම ලිස්සා ගොස් තිබේ.

ඒ සමග පිටුපසින් පැමිණි බසයට ඔවුන් දෙදෙනා යටවී ඇති අතර අනතුරින් ළමයා මියගොස් ඇත.

පියා ද තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ උඩුහාවර කොර‍ෙඳේකුඹුර ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.