රත්තරන් කිලෝ 45ක් සමග දෙන්නෙක් මාට්ටු

රත්තරන් කිලෝ 45ක් සමග දෙන්නෙක් මාට්ටු

October 1, 2014   09:06 pm

රත්තරන් කිලෝ ග්‍රෑම් 45ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාදගල් මුහුදු ප්‍ර දේශයේ සිට නාවික සැතපුම් 25ක් ඈත මුහුදේදී මෙම රන් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියයි.

මේ අතර රුපියල් මිලියනයක් වටිනා රත්තරන් ග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි 36 හැවිරිදි කොළඹ -07 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ 27 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පාපැදි කොටසක යකඩ බටයක් තුළ සඟවාගෙන ඉන්දියාවේ ට්‍රිචි ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.