ජීව උණ්ඩ සහ ගංජා  එක්ක අයෙක් දැලේ

ජීව උණ්ඩ සහ ගංජා එක්ක අයෙක් දැලේ

September 30, 2014   03:51 pm

ජීව උණ්ඩ තොගයක් සහ ගංජා ග්‍රෑම් 204 ක් සමඟ පුද්ගලයෙකු ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය, දිවිතුර නිසලගම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු සතුව තිබු ජීව උණ්ඩ 79 ක් ද සොයා ගෙන තිබෙනවා.

ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.