යතුරු පැදියෙන් මරුවා එයි

යතුරු පැදියෙන් මරුවා එයි

September 26, 2014   11:08 am

කඩුවෙල - බැලුම්මහර මාර්ගයේ වැලිවේරිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය‍ගොස් තිබේ.

වැලිවේරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා පාපැදියක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ වැලිවේරිය, ඇඹරලුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.