සචිත්‍ර යළි පිටියට

සචිත්‍ර යළි පිටියට

September 26, 2014   09:56 am

පන්දුයැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට දේශීය ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය සඳහන් කළේ බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ සතියක පමණ කාලයක් ලැබු පුහුණුවෙන් පසු සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි තත්ත්වයට පත්ව ඇති බවයි.

ඒ අනුව ඔහුට වෙළඳසේවා ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව උදා වී ඇති අතර ඔහුගේ වර්ධනීය තත්ත්වයන් පිළිබඳ නැවත පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

අනතුරුව ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගි වීම පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.