නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

September 22, 2014   08:07 am

අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අභියාචනාධිකරණයට නීතිඥවරුන් පත් කිරිමේ දි අනුමැතිය ලබාගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ලිපියේ යොමු කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරීමේ දී අග විනිසුරුවරයාගේ, නීතිපතිවරයාගේ, නීතිඥ සංගම් සභාපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියට යටත්ව අදාළ පත්කිරිම් සිදුකිරිමට කටයුතු කරන ලෙස නීතිඥ සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දි ඇත.

එමෙන්ම අදාළ පත්කිරිම් සිදුකිරිමේ දි වර්ගීකරණය කිරිමට අවස්ථා තුනක් ඇති අතර ඒ පිළිබඳවද සලකා බලන ලෙස ද නීතීඥ සංගමය ඉල්ලා තිබේ.