හල්දුම්මුල්ල සන්ධාන මන්ත්‍රීගේ ප්‍රහාරයෙන් එජාප මන්ත්‍රී රෝහලේ

හල්දුම්මුල්ල සන්ධාන මන්ත්‍රීගේ ප්‍රහාරයෙන් එජාප මන්ත්‍රී රෝහලේ

September 21, 2014   10:48 am

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් ධනරත්න මහතා විසින් එම ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාට සිදුකළ පහරදීමකින් කැපුම් තුවාල ලබා ඒ මහතා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

අද උදේ 5.10ට එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාගේ හල්දුම්මුලේ නිවස ඉදිරිපිට මාර්ගයේදී මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.

තියුණු ආයුධයක් මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවද පොලීසිය පැවසීය.