රු. කෝටියක රන් රේගුවේ හිරවෙයි

රු. කෝටියක රන් රේගුවේ හිරවෙයි

September 21, 2014   07:34 am

රුපියල් කෝටියක් වටිනා රන් කැබලි 24ක් සිංගප්පූරුවේ සිට රැගෙන ආ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තුන්දෙනකු අද (21) අලුයම රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගමන් මලුවල සඟවා ඔවුන් මෙම රන් කැබලි මෙරටට රැගෙනවිත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.

සැකකරුවන් අවුරුදු 43, 45 හා 47 වයස්වල පසුවන පන්නල හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.