අයි.එස්.අයි.එස්  ග්‍රහණයේ සිටි තුර්කි ජාතිකයින් නිදහස්
සයුරෙන් එතෙර

අයි.එස්.අයි.එස් ග්‍රහණයේ සිටි තුර්කි ජාතිකයින් නිදහස්

September 20, 2014   05:45 pm

අයි.එස්.අයි.එස් සටන්කාමින් ග්‍රහණයේ සිටි තුර්කි ජාතිකයින් පිරිසක් නිදහස් කර තිබේ .

නැගෙනහිර ඉරාකයේ තුර්කි කොන්සල් කාර්යාලයේ සේවයේ නිරතව සිටි 49 දෙනෙකු පසුගිය ජුනි මාසයේ දි අයි.එස්.අයි.එස් සටන්කාමින් විසින් පැහැරගෙන තිබුණි.

නිදහස් කළ පිරිස අද අළුයම තුර්කිය වෙත පැමීණ ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

තුර්කි ජාතිකයින් පිරිස නිදහස් කරගැනිමේ මෙහෙයුම් සිදුකිරිම සම්බන්ධයෙන් තුර්කි බුද්ධි අංශ වෙත එරට අග්‍රාමාත්‍යවරයා විසින් ස්තූතිය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් එම මෙහෙයුම සම්බන්ධයෙන් තුර්කි බලධාරින් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.