මාලිංග රෝහල්ගත කරයි

මාලිංග රෝහල්ගත කරයි

September 20, 2014   11:42 am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිකට් ලසිත් මාලිංග මහතා ආබාධයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

කලක පටන් ඔහුගේ වම් වළලුකර ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහු රෝහල්ගතවීම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කළේය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි පෞද්ගලික රෝහලකදී ඔහුගේ වම් වළලුකර ප්‍රදේශයේ ශල්‍ය කර්මයකට භජනය කිරීමට නියමිත බවත්, සති දෙකක කාලයක් මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමට නියමිත බවත්, සඳහන් වෙයි.

අදාළ ශල්‍ය කර්මයෙන් පසු සති 16ක කාලයක් ලසිත් මාලංග විවේකීව සිටිය යුතු බවද විදේශ මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් 2015 වර්ෂයේ පෙබරවාරී මස නවසීලන්ත සංචාරයද අහිමිවීමට ඉඩ ප්‍රස්ථාව පවතින බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.