ඌවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ඌවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

September 20, 2014   08:04 am

ඌව පළාත් ජන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

සෑම ජන්ද මධ්‍යස්ථානයකටම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතවද දැඩි පොලිස් රැකවරණ යොදා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.