ස්කොට්ලන්තය වෙන්වීම ප්‍රතික්ෂේප කරයි
සයුරෙන් එතෙර

ස්කොට්ලන්තය වෙන්වීම ප්‍රතික්ෂේප කරයි

September 19, 2014   11:13 am

ස්කොට්ලන්තය තවදුරටත් බ්‍රිතාන්‍යය සමග එක්ව කටයුතු කළ යුතු බවට එරට පැවති ජනමත විචාරණයෙන් තීරණය වී තිබේ.

ස්කොට්ලන්තය පෙර පැවතියාසේම බ්‍රිතාන්‍ය සමග සිටිය යුතුද නැද්ද යන්න විමසීමට සිදුකළ ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව 55% ක් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස පැවතිය යුතු බවය.

එසේ වුවද ප්‍රකාශිත ඡන්ද පදනමින් 45%ක පිරිසක් පවසා ඇත්තේ ස්කොට්ලන්තය ස්වාධීන ජනරජයක් ලෙස ස්ථාපිත විය යුතු කාලය එළඹ ඇති බවයි.

ඒ අනුව එක්සත් රාජධාණියට අයත් ස්වයංපාලිත ප්‍රදේශයක් ලෙස ස්කොට්ලන්තය තවදුරටත් පවතිනු ඇත.