05 හැවිරිදි ළදැරියට 67 හැවිරිදි සියාගෙන් අතවර

05 හැවිරිදි ළදැරියට 67 හැවිරිදි සියාගෙන් අතවර

September 18, 2014   04:07 pm

පස් හැවිරිදි ළදැරියකට ලිංගික අපයෝජන සිදු කළ බව කියන 67 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය කියයි.

යාපනය පොලිසිය පැවසුවේ යාපනය, ගුරුනගර් ප‍්‍රදේශයේ පදිංචි අදාළ දැරිය ගෙවත්තේ සෙල්ලමි කරමින් සිටි අවස්ථාවක අදාළ සැකකරු විසින් දැරිය අපයෝජනයට ලක් කොට ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

ඊයේ (17) අත්අඩංගුවට ගත් සැකකරු අද (18) යාපනය අධිකරණය වෙත ඉ`දිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබාදී ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.