ස්කොට්ලන්තය, බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙයිද?
සයුරෙන් එතෙර

ස්කොට්ලන්තය, බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙයිද?

September 18, 2014   11:27 am

ස්කොට්ලන්තය, මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් කරන්නේ ද යන්න පිළිබඳව වු ජනමත විචාරණය අද පැවැත්වෙයි.

ස්කොට්ලන්තය නිදහස් රටක් බවට පත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය සඳහා මෙම ජනමත විචාරණය කැඳවා තිබේ.

මෙම ජනමත විචාරණය සඳහා පුද්ගලයින් හතලිස් දෙලක්ෂ 85,323 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

එරට වේලවෙන් පෙරවරු 07 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජන්ද මධ්‍යස්ථාන 2608ක දී ජන්ද විමසීම පැවැත්වෙනු ඇත.

ජනමත විචාරණයේ ප්‍රතිඵල සිකුරාදා පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.