නඩු භාණ්ඩ ඉස්සූ උසාවි සේවිකාව තවදුරටත් රිමාන්ඩ්

නඩු භාණ්ඩ ඉස්සූ උසාවි සේවිකාව තවදුරටත් රිමාන්ඩ්

September 15, 2014   03:59 pm

නඩු භාණ්ඩ වශයෙන් තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු සේවිකාවක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සොරකම් කිරීම සම්බන්ධ නඩුව පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ දී භාණ්ඩ හිමිකරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් 11 දෙනෙකුට සිය අනන්‍යතාව තහවුරු කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා ‍ෙව්.

සොරකමට සම්බන්ධ සැකකාරිය පානදුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු වන අතර ඇය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර නිලධාරියක් ලෙස කටයුතු කර ඇත.

නඩු විභාගය සැප්තැම්බර් 29 වැනිදා යළි කැඳවීමට නියමිතය.