ප්‍රංශ කතට අතවර කළ ලාංකිකයා  යළි රිමාන්ඩ්

ප්‍රංශ කතට අතවර කළ ලාංකිකයා යළි රිමාන්ඩ්

August 28, 2014   04:24 pm

ප්‍රංශ ජාතික යුවළකට පහරදී ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම යුවළ අනුරාධපුර නගරයේ දී පසුගිය 19 වැනිදා රාත්‍රී මෙම සිදු වීමට මුහුණ දී තිබුණි.

යතුරු පැදියකින් පැමිණි සැකකරු ප්‍රංශ ජාතික යුවළට පහරදී එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවට මුලික පරික්ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පලායමින් සිටි සැකකරු අනුරාධපුර, මිහිදුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය සැකකරු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණය වාර්තාකරු පැවසුවේය.

එදිනට ඔහු හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී ඇත.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.