සහල් මෙට්‍රික් ටොන් 30,000ක් රේගුවේ - බදු අඩු වෙනකම් වෙළඳුන් බලා සිටියි

සහල් මෙට්‍රික් ටොන් 30,000ක් රේගුවේ - බදු අඩු වෙනකම් වෙළඳුන් බලා සිටියි

August 28, 2014   01:01 pm

පෞද්ගලික අංශ විසින් ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 30,000ක් පමණ රේගු බාරයේ පවතින බව වාර්තා වේ.

රජය විසින් සහල් ආනයන බදු අඩු කරනු ඇතැයි අපේක්ෂාවෙන් වෙළඳුන් විසින් අදාළ සහල් තොග රේගුවෙන් නිදහස් කරනොගන්නා බව කියැවේ.

මේ වන විට වෙළදපොළ තුළ සහල් හිඟයක් පවතින අතර සහල මිල ද සීඝ්‍ර ලෙස වැඩි වී ඇත.

වෙළඳුන් පෙන්වා දෙන්නේ පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි වි ඇති බවයි.

මේ හේතුවෙන් සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට රජය විසින් අවසර ලබාදෙනු ලැබීය.

ඒ යටතේ ආනයනය කරන ලද සම්බා සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 30,000ක් මෙලෙස රේගු භාරයේ පවතින බව වාර්තා වේ.

මේ අතර සහල් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් ලබා දී ඇතත් මුදල් අමාත්‍යංශ නිලධාරින් මෙතෙක් ඒ සඳහා ක්‍රියා නොකිරීම හේතුවෙන් වෙළදපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් වැඩි වී ඇත.

කෙසේ වෙතත් යළ කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී කිලෝවක් රුපියල් 45ත් 50ත් අතර මිලකට අලෙවි වන බව සඳහන්ය.