ඉන්දු -ලංකා ධීවර සාකච්ඡා හෙට නවදිල්ලියේදී

ඉන්දු -ලංකා ධීවර සාකච්ඡා හෙට නවදිල්ලියේදී

August 28, 2014   09:14 am

ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් අද (28) දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි, ධීවර අමාත්‍යංශයේ උපදේශක එස් .සුබසිංහ, ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ලාල් ද සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඊට ඇතුළත්ය.

ඔවුන් අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ජා හෙට දිනයේ නවදිල්ලි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම සාකච්ජාව සදහා ඉන්දීය රජය නියෝජනය කරමින් කෘෂිකර්ම, විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ වල නියෝජිතයින් සහභාගිවීමට නියමතය.

පළමු වටයේ සාකච්ජාවලදී ඇති කර ගත් එකඟතාවලට අනුව ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් මෙම සාකච්ජා ඉදිරියට ගෙන යනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේය.