සංචාරක වීසා හා අධ්‍යාපන වීසා මත රට යන්න එපාලු

සංචාරක වීසා හා අධ්‍යාපන වීසා මත රට යන්න එපාලු

August 22, 2014   02:15 pm

සංචාරක හෝ අධ්‍යාපන වීසා මත විදෙස් රැකියාවලට නොයන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා දැනුම්දෙයි.

එලෙස සංචාරක හෝ අධ්‍යාපන වීසා යොදා ගනිමින් ඩුබායි හා මැලේසියානු රටවලට රැකියා සඳහා පුද්ගලයින් පිටත් කර යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බව ඔහු පවසයි.

එම ජාවාරම්කරුවන් පුවත්පත් වල දැන්විම් පළ කරමින් විදෙස් රැකියා සඳහා පිරිස් යොමුකර ඔවුන් ඒ ඒ රටවල අතරමං කරන බවට තොරතුරු ලැබි ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් එවැනි ජාවාරම්කරුවන්ට කිසිදු ලෙසකින් ආධාර උපකාර ලබා නොදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

එමෙන්ම එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳ කාර්යංශය දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.