මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ ඝාතකයා වරද පිළිගනියි

මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ ඝාතකයා වරද පිළිගනියි

August 22, 2014   02:10 pm

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවෙකු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

අදාළ නඩුව අද අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කර්නල්වරයෙක් වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකරු මෙලෙස වරද පිළිගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කිරීම ලබන මස 5 වැනිදා සිදුකරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.

ඒ වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

2008 වසරේ අනුරාධපුරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.