ඉබෝලා නිසා රටවල 4ක වැසියන්ට ශ්‍රී ලංකාවේ දොර වැහේ

ඉබෝලා නිසා රටවල 4ක වැසියන්ට ශ්‍රී ලංකාවේ දොර වැහේ

August 22, 2014   10:49 am

බටහිර අප්‍රිකානු රටවල පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් ගිනියාව, ලයිබිරියාව, සියරාලියෝන් හා නයිජීරියා යන රටවල වැසියන්ට ඔන් ඇරයිවල් වීසා හෙවත් ගුවන් තොටුපළේදී වීසා ලබා ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩනොදීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

‍බටහිර අප්‍රිකානු රටවල පැතිර යන මෙම මාරාන්තික ඉබෝලා වෛරසය හේතුවෙන් දැනටමත් එම රටවල පුද්ගලයින් 1000ට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

‍ඉබෝලා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාවට නංවා ඇත.