යශේන්ගේ ඥාතීන් ගල්ගමුව උසාවිය ඉදිරිපිට විරෝධයේ - සැකකරුවන් යළි රිමාන්ඩ්

යශේන්ගේ ඥාතීන් ගල්ගමුව උසාවිය ඉදිරිපිට විරෝධයේ - සැකකරුවන් යළි රිමාන්ඩ්

August 20, 2014   03:10 pm

ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදි සිව් හැවිරිදි දිනිදු යශේන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද (20) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් ධම්මික මහතා විසින් ඔවුන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර දිනිදු යශේන් දරුවා පැහැරගත් පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම දරුවාගේ ඥාතින් සහ කටුගම්පලගම ප්‍රදේශවාසින් එක්ව සාමකාමි විරෝධතාවක නිරත වී තිබේ.

ඔවුන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී මෙලෙස සාමකාමි විරෝධතාවක නිරත වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.