ශ්‍රී ලංකා පළමු ඉනිම 320යි

ශ්‍රී ලංකා පළමු ඉනිම 320යි

August 15, 2014   11:23 am

මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් තරඟයේදී පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 320ට සීමා විය.

ඊයේ දිනය නිමාවන විට කඩුලු 8ට ලකුණු 261ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 2ද පකිස්ථානු පන්දු යවන්නන් විසින් දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ලකුණු 320ක් ලෙස සටහන් විණ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උපුල් තරංග ලකුණු 92කින්, කෞෂාල් සිල්වා ලකුණු 41කින්, ඇන්‍ජලෝ මැතිව්ස් ලකුණු 39කින් ලකුණු පුවරුවට සම්මාදම් වූ අතර මහේලට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 4ක් පමණි.

ජුනයිඩ් ඛාන් ලකුණු 87ට කඩුලු 5ක් බිඳ දැමීය.

තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.