ඉන්දීය ධීවරයින් ගෙදර යවන්න

ඉන්දීය ධීවරයින් ගෙදර යවන්න

August 13, 2014   06:26 pm

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ලබන 15 වැනිදාට යෙදෙන ඉන්දියාවේ 68 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනූව ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන සියලූ ධීවරයින් නිදහස් කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කර ඇතැයි සඳහන්ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින්ගේ පාලනයෙන් 1947 අගෝස්තු 15 වැනිදා ඉන්දියාව නිදහස ලබාගෙන ඇත.

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති වීමෙන් පසු සමරන පළමු නිදහස් දිනය ද මෙය වේ.