වන්නිලඇත්තෝ දළදා මාළිගාවට මී පැණි පුදයි

වන්නිලඇත්තෝ දළදා මාළිගාවට මී පැණි පුදයි

August 6, 2014   05:14 pm

ආදිවාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසි පිරිසක් අද (06) ශ්‍රී දළදා මාළිගාවට මී පැණි පූජාව සිදුකර තිබේ.

අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් ඉටුකරමින් ඔවුන් මෙලෙස මී පැණි පූජාව සිදුකර ඇති බව සඳහන්ය.

මී පැණි පූජාව කාලයක් නවතා දමා තිබුණ ද තමන් විසින් මෙම පූජාව වසර 15 ක් පුරා අඛණ්ඩව සිදු කළ බව වන්නිල ඇත්තන් සඳහන් කර තිබේ.

දළදා මාලිගාවට පැමිණි ආදිවාසි පිරිස දියවඩනේ නිළමේ ප්‍රදිප් නිලංග දෑල බණ්ඩාර මහතා සමග සුහද පිළිසදරක ද නිරත වු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.