‍ඉබෝලාට කටුනායකින් වැට බඳියි

‍ඉබෝලාට කටුනායකින් වැට බඳියි

August 4, 2014   05:33 pm

ඉබෝලා වෛරසය මෙරටට ඇතුළු වීම වැළැක්විම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රෝග අවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් පිහිටුවීමට මෙන්ම ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් යෙදවීමට ද පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පැවති සාකච්ඡාවකදී මීට අදාළ උපදෙස් ලබා දී ඇත.

බටහිර අප්‍රිකානු රටවල් රැසක පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 700කට වැඩි පිරිසක් මියගොස් තිබේ.