අනුර සේනානායකට සිතාසි!

අනුර සේනානායකට සිතාසි!

August 4, 2014   04:36 pm

බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට හෙට (05) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ.

උපුල් ජයසුරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා මෝසමක් මගින් අද අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් නිලධාරින් යොදවා නොමැති බවයි.

ඔහුගේ ජිවිතයට තර්ජනය වන අයුරින් සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් පැමිණි වාහනවල අංක ලබාදී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර ඇතැයි සඳහන්ය.