බොරැල්ලේදී වෙඩි තැබීමක් - 1ක්  මරුට

බොරැල්ලේදී වෙඩි තැබීමක් - 1ක් මරුට

August 2, 2014   10:52 am

බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(01) රාත්‍රී 9.45 ට පමණ තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එසේම පැරණි අමනාපයක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර හෙට්ටිආරච්චිගේ දුමින්ද නොහොත් චානක නම් වු අයෙකු මෙසේ මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුචු 23ක් පමණ වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර සිටියේය.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.