අමෙරිකා තානාපති කාර්යාලයේ වැඩ අපිට අපැහැදිළියි - විදේශ අමාත්‍යංශය

අමෙරිකා තානාපති කාර්යාලයේ වැඩ අපිට අපැහැදිළියි - විදේශ අමාත්‍යංශය

July 31, 2014   04:57 pm

ශ්‍රි ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ලැබු මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය අප්‍රසාදය පළ කරයි.

යාපනයේ දී අමෙරිකානු තානාපති කාර්යාලය මගින් පසුගිය සතියේ මාධ්‍යවේදින් සඳහා සංවිධානය කරනු ලැබු පුහුණු වැඩසටහනක් රජය මගින් අවලංගු කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් එම කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව එම නිවේදනයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදී තිබිණ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙවැනි වැඩසටහන් සඳහා සහය දක්වන්නේ කුමන අරමුණින් ද යන්න අපැහැදිළි බවයි.