ශ්‍රී ලාංකික සරණාගතයින් ගැන දැනගන්න ආසයි

ශ්‍රී ලාංකික සරණාගතයින් ගැන දැනගන්න ආසයි

July 31, 2014   03:54 pm

ඕස්ට්‍රේලියානු බලධාරින් බාරයේ පසුවන ශ්‍රීලාංකික සරණාගතයින් පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දියාව පවසයි.

එරට පුදුචෙරි පොලිස් ප්‍රධානි ප්‍රවීර් රංජන් පවසන්නේ පුදුචෙරිහි සිට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව කියන ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි .

එම පිරිස පුදුචෙරිහි සිට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ඕස්ට්‍රේලියානු නිලධාරීන් පවසා තිබුණ ද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් පුදුචෙරි පොලිස් නිලධාරින් සතුව නොපවතින බව ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අදාළ සිද්ධියට සම්බන්ධ බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙතු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සරණාගතයින් එම ස්ථානයෙන් පිටත්ව ගිය ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබි නොමැති බව පුදුචෙරි පොලිස් ප්‍රධානි ප්‍රවීර් රංජන් කියයි.