වීඩියෝ: වෛද්‍යවරු ගැටෙති - ජාතික රෝහලට පොලිස් ආරක්ෂාව යොදයි

වීඩියෝ: වෛද්‍යවරු ගැටෙති - ජාතික රෝහලට පොලිස් ආරක්ෂාව යොදයි

July 30, 2014   03:19 pm

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර හටගෙන ඇති ගැටුමක් හේතුවෙන් එම රෝහලට පොලිස් ආරක්ෂාව යෙදීමට පියවරගත් ‍බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

වෛද්‍ය සංගම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි සඳහන්ය.

කොළඹ ජාතික රෝහල ආසන්නයේ ස්ථානයකදී එක් වෛද්‍ය සංගමයක් විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ වැඩමුළුවක් අනෙක් වෛද්‍ය සංගමය මැදිහත්වී කඩාකප්පල් කිරීම නිසා මෙම ගැටුම හටගෙන තිබේ.

මෙම වාතාවරණයත් සමග කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.