සෙබස්තියන් මුණිදුන්ගේ ධාතු සොරාගත් පුද්ගලයා අත්අඩංගුවේ

සෙබස්තියන් මුණිදුන්ගේ ධාතු සොරාගත් පුද්ගලයා අත්අඩංගුවේ

July 30, 2014   07:44 am

කඳාන සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේ තැන්පත් කර තිබු ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ ශ්‍රී හස්ත ධාතුව සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(29) පස්වරුවේ දේවස්ථාන භූමියේ මුරුංග කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු මෙම ධාතුන් තැන්පත් කර තිබු මංජුසාව සොරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

මුරුංගා ගස අසළ අතු කඩාවැටී තිබීම සම්බන්ධයෙන් විමසිලිමත් වු පොලිසිය අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බව සඳහන් වෙයි.

ප්‍රශ්න කිරීම් වලින් අනාවරණවු තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරිමේ දී ධාතු සමඟ එය තැන්පත් කර තිබු මංජුසාව අද(30)  අළුයම සොයාගත් බව අජිත් රෝහණ මහතා පැවසුවේය.