මාධ්‍යවේදීන් හත් දෙනා  ඕමන්ත පොලීසියට කැඳවයි

මාධ්‍යවේදීන් හත් දෙනා ඕමන්ත පොලීසියට කැඳවයි

July 29, 2014   04:59 pm

පසුගිය දින ඕමන්ත හමුදා මුරපොළේදී මාධ්‍යවේදීන් හත් දෙනෙකුට මුහුණ පෑමට සිදු වු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අද (29) එම මාධ්‍යවේදීන් කණ්ඩායම ඕමන්ත පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

පසුගිය සිකුරාදා දින ඕමන්ත ආරක්ෂක මුරපොළේදී මාධ්‍යවේදීන් පිරිසක් රැගත් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම වෑන් රථයේ රියදුරු සතුව තිබී ගංජා සුරුට්ටු සොයාගෙන තිබුණි.

එම අවස්ථාවේදී එහි ගමන්ගත් මාධ්‍යවේදීන් හත් දෙනා නිදහස් කර වෑන් රථයේ රියදුරු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය දින ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් වෑන් රථය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් එම රථයට අදාළ ගංජා සුරුට්ටු කිහිපය දමා ඇති බව එම මාධ්‍යවේදීන් චෝදනා කර සිටියේය.

ඉන් අනතුරු එම මාධ්‍යවේදීන් පිරිස ඕමන්ත පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් යොමු කර අතර එය විභාග කිරීම සඳහා මෙලෙස අද දිනයේ අදාළ මාධ්‍යවේදීන් හත් දෙනා ඕමන්ත පොලීසිය වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.