ඉන්දීය ධීවරයින් 50ක් මාට්ටු

ඉන්දීය ධීවරයින් 50ක් මාට්ටු

July 29, 2014   12:30 pm

පේදුරුතුඩුවේදී ඉන්දීය ධීවරයින් 50 දෙනෙකු යාත්‍රා 7ක් සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.

ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් එම ධීවරයින් පිරිස කන්කසන්තුරේ වරාය වෙත රැගෙනවිත් ප්‍රදේශයේ ධීවර පරික්ෂකවරයාට බාරදීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම පැවසීය.