මෙක්සිකෝවෙන් ටෙක්සාස් පනින්න හැදූ ලාංකිකයින්  පිරිසක් අත්අඩංගුවේ

මෙක්සිකෝවෙන් ටෙක්සාස් පනින්න හැදූ ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවේ

July 29, 2014   11:40 am

නීති විරෝධී අයුරින් මෙක්සිකෝවේ සිට ටෙක්සාස් ප්‍රාන්තයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ඇතුළු සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර බංග්ලාදේශ සහ නේපාල ජාතිකයින් ද වන බව වාර්තා වෙයි.

ඔවුන් මෙක්සිකෝවේ තැමෝලිපාස්හි පිහිටි රියෝග්‍රැන්ඩේ ගංගා නිම්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරාකයේ, ඉතියෝපියාවේ, එරිත්‍රියාවේ සහ ඊශ්‍රායලයේ පුද්ගලයින් පිරිසක් ද නීති විරෝධී අයුරින් දේශසීමා හරහා ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම වර්තමානයේ දී අමෙරිකා එක්සත් ජනපදයට නීති විරෝධී සංක්‍රමණිකයින් ඇතුළුවීමේ ප්‍රවණතාවක් පවතින බව ද වාර්තා වෙයි.