MH17  ගුවන් යානා අනතුර අපරාධයක් ලෙස සැලකිය හැකියි
සයුරෙන් එතෙර

MH17 ගුවන් යානා අනතුර අපරාධයක් ලෙස සැලකිය හැකියි

July 28, 2014   05:06 pm

“එම්.එච්. 17“ මැලේසියානු ගුවන් යානා අනතුර යුද අපරාධයක් ලෙස සැලකිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ සලකා බැලීමේ දී එය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරන්නක් බවත්, එම හේතුවෙන් එය යුධ අපරාධ ඝණයට අයත් වන බවත්, නවනීදන් පිල්ලෙයි මහත්මිය ජිනීවාහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු බලධාරීන් පවසන්නේ අදාළ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් යුක්‍රේන හමුදා වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින දේශ සීමා සම්බන්ධ ගැටුම ඉදිරි දින කිහිපය තුළ දී විසඳා ගැනීමට හැකි වනු ඇති බවයි.